Colombo Today Local News

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේදී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශ්නාවලියක් යොමු කොට දිවුරුම් ප්‍රකාශයක් මගින් ඊට පිළිතුරු ලබා ගැනීමට අපේක්‍ෂා කරන බව කොමිසම (17දා) දැනුම් දුන්නේය.

එම ප්‍රශ්නාවලියට ලැබෙන පිළිතුරු අනුව අවශ්‍ය වුවහොත් පමණක් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොමිසමට කැඳවීමට බලාපොරොත්තු වන බවද කොමිසම වැඩිදුරටත් දැනුම් දුන්නේය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.

කොමිසමේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වුවහොත් කොමිසම හමුවේ සාක්ෂි දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර දිනෙක කොමිසම හමුවේ පැවසීය.

ඒ සම්බන්ධයෙන් දැනුම් දුන් කොමිසම මෙහිදී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතාට මේ වනවිටත් ප්‍රශ්නාවලියක් යොමු කොට ඇති බවත්, දිවුරුම් ප්‍රකාශයක් මගින් ඊට පිළිතුරු ලබාගැනීමට අපේක්‍ෂා කරන බවත් දැනුම් දුන්නේය.

– Ada

Related posts

මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඇමැති රංගේබණ්ඩාර හෙළිකරයි

colombotoday

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin

මින් පසුව රජයේ කිසිඳු උත්සවයක් පෞද්ගලික හෝටල්වල ගැනීම තහනම් !

colombotoday

අසාද් සාලිට එරෙහිව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

හෙරොයින් කිලෝ 50ක් සමග පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

colombotoday