Colombo Today Local NewsNew Constitution

කබීර් හෂීම්ට රාජ්‍ය ආයතන 72යි.. බදුර්දීන්ට 32යි.. රටේ ආර්ථික මර්මස්ථාන සුළු ජාතිකයන් යටතේ.. අලුත් ව්‍යවස්ථාවකින් තව මොනවද ඉල්ලන්නේ?

පවතින ව්‍යවස්ථාවෙන් මෙරට සුළු ජාතිකයන්ට අසාධාරණයක් වී ඇති බව පවසමින් බෙදුම්වාදීන්ගේ හා රාජ්‍ය නොවන සංවිධානවල උවමනාවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම් වුවත්, මෙරට ආර්ථික හා වැදගත් මර්මස්ථාන සියල්ලම පාහේ මේ වන විටත් පවතින්නේ සුළු ජාතික ඇමතිවරුන් යටතේ බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.

රාජගිරිය බොදු බල සේනා මූලස්ථානයේදී පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥාණසාර හිමියෝ.

කබීර් හෂීම් කියන තනි මුස්ලිම් ඇමතිට මේ රටේ ලංකා බැංකුව ඇතුලු ආයතන 14ක්, මහජන බැංකුව ඇතුලව ආයතන 8ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක තව ආයතනයක්, රක්ෂණ සංස්ථාව යටතේ ආයතන 9ක්, මහා භාණ්ඩාගාරය යටතේ තියෙන පුද්ගලික සමාගම් ආයතන 40ක්, වතු සමාගම් ඇතුලුව ආයතන 75 කට වඩා භාරදීලා තියෙනවා..! ඉතින් මොකද්ද මේ රටේ මුස්ලිම් අයට තියෙන අවහිරය ?

බදුර්දීන් ඇමතිට භාරදීලා තියෙනවා… පාරිභෝගික අධිකාරිය, සීනි සමාගම, සතොස, සමූපකාර සේවක සංගමය, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පේෂ කර්ම දෙපාර්තමේන්තුව, එලිෆන්ට්පාස් ලුණු ලේවාය, හිඟුරාන සීනි කම්හල, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව, කහටගහ මිනිරන් පතල, ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය, ලංකා සිමෙන්ති සංස්ථාව, ජෙනරල් ට්‍රේඩින්, ලක්සල, ඛණිජ වැලි සංස්ථාව, මන්නායි ලුණු කර්මාන්ත ශාලාව, ලංකා රෙදි මෝල, අත්කම් සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, ජාතික සමුපකාර සංවර්ධන සමාගම, ජාතික කඩදාසි සංස්ථාව, පරන්තන් රසායනික කර්මාන්ත ආයතනය, ශ්‍රී ලංකා අත්කම් දෙපාර්තමේන්තුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අධිකාරිය, සමාගම් මැදුර, රෙදි සහ ඇඟළුම් පුහුණු මධ්‍යස්ථානය, ජාතික බුද්ධි දේපල කාර්යාලය.
ඊට අමතරව ඉතින් නිල නොවන වශයෙන් විල්පත්තුව සහ මුලතිව්ත් භාර දීලා තියෙනවා.

අපි ඉක්මනටම බදුර්දීන්ව, කබීර් හෂීම්ව, කාදිනල් තුමන්ව, විග්නේශ්වරන්ව, සම්බන්ධව හම්බවෙලා අහනවා මුස්ලිම්, දෙමළ වීම නිසා මොකද්ද ඔයගොල්ලන්ට මේ රටේ මේ ව්‍යවස්ථාවේ තියෙන ගැටලුව කියලා.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1992819460987527/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

හඹා ගිහින් වෙඩි තැබූ මාරයාට ව්‍යාපාරිකයා බිලි ගන්න බැරි වෙයි

Admin

මන්නාරම, කත්කන්ඩකුලම් විහාරය අල්ලාගෙන කෙසෙල් වගා කරලා – පුරාවිද්‍යා භූමිය විනාසයි. බලධාරීන් නිහඩයි

colombotoday

ඔබට අනාගතයක් ලබලා දෙන්න මම අකමැත්තෙන් හෝ ගිහින් ජාත්‍යන්තරයෙන් හිඟාකෑවා – රනිල් වික්‍රමසිංහ

Admin

තිළිණ ගමගේට නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නැහැ

colombotoday

සන්ධානය බහුතරය පෙන්වන්න යයි.. නිමල් සිරිපාල අගමැති කර අලුත් ආණ්ඩුවක්…

colombotoday

මරණ දඩුවම හිමි රැඳවියකුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දියණියට පරිඝණක යන්ත්‍රයක් පරිත්‍යාග කරයි.

colombotoday