Colombo Today Local News

මලික් – කබීර් බැදුම්කර කොමිසමට කැදවයි.. ජනපති හමුවෙයි.. අගමැතිගෙන් උපදෙස් ඉල්ලයි !

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම යන ඇමතිවරුන් හෙට පෙරවරුවේ බැදුම්කර නිකුත් කිරීම පිළිබදව ජනාධිපති විමර්ශණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඔවුන්ට කොමිසම හමුවේ අද (10) පෙනී සිටින්නැයි දැනුම් දී ඇතත්, ඒ සදහා සහභාගී නොවී ඇති අතර දෙදෙනාම ජනාධිපතිවරයා හමුවී අදාළ කැදවීම පිළිබදව සාකච්ඡා කිරීමට වෙලාවක් ඉල්ලා ඇතැයිද පැවසේ.

මේ අතර මොවුන් දෙදෙනා මේ වන විට විදේශගතවී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද මේ පිළිබදව දන්වා ඇති අතර අගමැතිවරයාගේ දැනුම් දීම මත හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා හමුවී ඇති බවද පැවසේ.

කෙසේ වෙතත් බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ලවෙත්දී මලික් සමරවික්‍රම ඇමතිවරයා සහ එජාපයේ සමහරුන් හැසිරුණු ආකාරය පිළිබදව රවී කරුණනායක මහතා විසින් කණස්සල්ලෙන් අදහස් දක්වා ඇතැයිද පැවසේ.

Related posts

බාල ඖෂධ එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

කිඹුලා ඇළේ ගුණාගේ සහෝදරයත් අත්අඩංගුවට

colombotoday

2022 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි

Admin

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday

කොමිෂන් සභා වාර්තාව අසම්පුර්නයි. කලු ඉරිදා විරෝධයට එක්වෙමින් කාදිනල් තුමා කියයි

colombotoday

වාහන ආනයනය ට අගෝස්තු මාසයේ දී අවසර

Admin