World

රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් ගැන ඇත්ත, ලොවට කියන්න ගිය මියන්මාර් සුරූපිණියට වෙච්ච දේ (Video)

රොහින්ග්‍යා අන්තවාදීන් මියන්මාරයේ සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය ‘රූ රැජින සම්මානය’ තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසන බව බී.බී.සී. පුවත් සේවය වාර්තාකර තිබෙනවා.

ගැටුම් සිදු කරන බවට රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින්, ස්වේ ඒන් සි (Shwe Eain Si) නම් එම සුරූපී තරුණිය විසින් තැනූ ‘ග්‍රැෆික්’ වීඩියෝ පටයක් පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරනු ලැබ තිබුණා.

ඉන් අනතුරුව අදාළ තරඟයේ සංවිධායකයන් විසින් දහනව හැවිරිදි සුරූපිනිය දිනා සිටි ‘රූ රැජින’ කිරුළ (Miss Grand Myanmar) අහෝසි කරනු ලැබ තිබෙනවා. ස්වේ ඒන් සි (Shwe Eain Si) ඇය කිරුළු පළන් රූ රැජින තරඟයට අදාළ කොන්දේසි කඩ කර ඇතැයි පවසන තරඟ සංවිධායකයෝ ඇයගේ හැසිරීම ‘ආදර්ශමත් චරිතයකට නොගැළපෙන’ බව පෙන්වා දෙනවා.

එහෙත් ඇය විසින් අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇති වීඩියෝ පටයේ අන්තර්ගතය සම්බන්ධයෙන් තරඟ සංවිධායකයෝ අදහසක් දක්වා නැහැ. “පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින” බව ස්වේ ඒන් සි පවසනවා.

සිය ෆේස්බුක් පිටුවේ පසුගිය සතියේ පළ කරන ලද වීඩියෝ පටය මගින් අදහස් දක්වන ස්වේ ඒන් සි “රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව මුස්ලිම් ආගමික රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස හඳුන්වා දෙමින් එම ප්‍රහාරකයන් ඉවක් බවක් නැතිව ප්‍රහාර එල්ල කරමින් සිටින” බව සඳහන් කර තිබුණා.

රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් ගැන සදහන් කරමින් ඇය විසින් ඉදිරිපත් කර තිබූ වීඩියෝව

Related posts

කුරානයේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන වැකි 26 ක් මකා දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

colombotoday

දරුවන් අතර දැවැන්ත කොරෝනා රැල්ලක්.. දින 14ක් තුලදී ළමුන් 74,000කට කොරෝනා

colombotoday

ට්‍රම්ප්ට 2024 ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවෙයි

Admin

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday

ගුවන් යානයක් කඩා වැටෙයි

colombotoday

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin