World

“ජාත්‍යන්තර විවේචනවලට අපි බය නෑ” – මියන්මාර් නායිකා අවුන්සාන් සූ කී

රොහින්ග්‍යා අර්බුදය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ලවන විවේචනවලට තම ආණ්ඩුව බිය නොවන බව මියන්මාරයේ නිල නොවන නායිකා අවුන්සාන් සූ කී පවසයි.

උතුරුදිග රඛයින් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේදී සුඛි ප්‍රථම වරට ජාතිය අමතමින් අදහස් දක්වා ඇත්තේ ලොව පුරා ජාත්‍යන්තර මාධ්‍ය සහ ඇතැම් සංවිධාන විසින් මියන්මාරය ඉලක්ක කරමින් එල්ල කරන චෝදනාවලට පිළිතුරු ලෙසිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලක්ෂ 4ක පමණ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පළාගොස් ඇති බව කියවුණත්, පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සුඛි පවසා සිටියේ රඛයින් ප්‍රාන්තයේ සිටින බහුතර මුස්ලිම් ප්‍රජාව එම ප්‍රාන්තය අත්හැර ගොස් නොමැති බවයි. එමෙන්ම, මේ වනවිට ප්‍රාන්තයේ සිදුවන ගැටුම් නවතා ඇති බවද ඇය අවධාරණය කරයි.

එහිදී, මෙම ගැටුමට මැදිවීමෙන් වේදනාවට පත් සියලු ජනකොටස් සම්බන්ධයෙන් තමන් හදවතින්ම කනගාටුවන බව පැවසූ සුඛි, ප්‍රාන්තයේ ජීවත් වන සියලු ජනකොටස්වලට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ බවද පෙන්වා දී තිබේ.

පසුගියදා ඇරඹි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී නොවීමට තීරණය කළ මියන්මාර නිල නොලත් නායිකාව, තම රජය සිදුකරන සැබෑ ක්‍රියාදාමය පිළිබඳ ජාත්‍යන්තරයට කරුණු පැහැදිලි කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවද කියා තිබේ.

Related posts

වෛද්‍යවරුන්ට අහසින් යන්න ක්‍රමයක් : පරීක්ෂණය සාර්ථක වන ලකුණු

colombotoday

ලොව උසම සුනකයා මිය යයි

Admin

කිම් ජොන් අන් අඩියක් පස්සට ගනී.. න්‍යාෂ්ඨික වැඩපොළක් වසා දමයි

colombotoday

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ භූකම්පනයක්

colombotoday

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday

ෆයිසර් එන්නත් දත්ත හැක් කළ බවට උතුරු කොරියාවට චෝදනා

colombotoday