පළාත් පාලන ඡන්දය මේ වසරේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
“ජනවාරි 6 , 20 හා 21 වැනි දා තියන්න පුලුවන්ද කියලා මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් දෙනවා.අපි කැමති ඡන්දය පුළුවන් තරම් ඉක්මනින් තියන්න.නමුත් දේශපාලන පක්ෂවලට අපේක්ෂකයන් තෝර ගන්න අවස්ථාව දීම අවශ්‍යයි. ඒ වගේම පනත අනුව අපේක්ෂක නාම ලේඛන වලට 25 %ක් කාන්තා නියෝජනයක් අනිවාර්ය වී තිබෙනවා. නැතහොත් එම න්‍ාම ලේඛන ප්‍රතික්ෂේප වෙනු ඇති “ යැයිද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.