Colombo Today Local News

උඩප්පුව සිට කල්පිටිය දක්වා සුන්දර වෙරළ තීරය ළගදීම කුණු කන්දක් ! (Photo)

මුන්දලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් උඩප්පුව මෝයකට සිට කල්පිටිය දෙසට දිවයන සුන්දර වූ අතිරමණීය වෙරළ තීරය සම්පූර්ණයෙන්ම කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කර ඇති ආකාරය දක්නට ලැබේ.

මෙම සුන්දර වූ  වෙරළ තීරය සම්පූර්ණයෙන් විනාශයට  ලක්වන ආයුරින් කැළිකසල, පොලිතීන් වැනි අපද්‍රව්‍ය වලින් පිරී ඉතිරි ගොස් හමාරය.

රටේ මහ වංශයෙන් ඩෙංගු කැන කතා කරද්දි පොලිතීන් ලන්ෂීට් ගැන මතවාද පලකරද්දි මෙවන් සුන්දරවූ වෙරළකට අත්ව ඇති ඉරණම සුළු පටු නැත. මිනිසුන්ගේ නොමිනිස් ක්‍රියාකලාපයන් වල අනිසි ප්‍රථිඵලයක් ලෙස ඉවක් බවක් නොතකා සිදුකරනු ලබන මෙම පාරිසරික සංහාරය නිසාවෙන් මේ වන විට උග්‍ර පාරිසරික ගැටළු රැසක් උද්ගතව ඇති බව දක්නට ලැබේ.

මෙම තීරය නැරඹීම සදහා විදේශිය සංචාරකයින් බහුතරයක් පැමිණෙන්නේ උඩප්පුව සිට කල්පිටිය දක්වා දිවෙන වෙරළ තීරය හුදෙකලාවට උරුමකම් කියන තෝතැන්නක් බවට පත්ව තිබීම නිසාවෙනි.

නමුත් අද වන විට ඒ සියල්ල උඩුයටි කුරු කර හමාරය. විදේශීය සංචාරකයින්ගේ මනදොල පිනවන තෝතැන්නක් බදු මෙම සුන්දර වෙරළ තීරය අද වන විට අධික දුගදක් හමන කසල බැහැර කරන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි.

රටක විදේශිය අයෝජනය ඉහළ මට්ටමක පවතින්නේද සංචාරක කර්මාන්තය නගාසිටුවන්නේද මැවැනි ස්ථානයන් නිසාවෙනි නමුත් අද වන විට ඒවාට අත්ව ඇති ඛේදණිය ඉරණම නිසාවෙන් රටේ විදේශිය විනිමය සෘණාත්මක මට්ටමක පැවතීම තුලින් රටේ ආර්ථික දිනෙන් දින වලපල්ලට යමේ කල දසාව උදාවී හමාරය.

සටහන සේයා රූ – පුත්තලම කේ.ප්‍රියංකර

Related posts

ජල නළය පිපිරි කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි… ප්‍රදේශ රැසකට ජලය නවතී.

colombotoday

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday

සිංහල රාවයට කුලියාපිටියේදී ප්‍රහාරයක්.. රැස්වීම් එපා කියා මරණ තර්ජණය කරලා !

colombotoday

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday

71 හැවිරිදි මව අත්පා ගැට ගසා නිරුවත් කර මරා දාලා

Admin

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday