Colombo Today Local News

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගීම පසුපස ශ්‍රී ලාංකිකයෝ 4 ක්‌

හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව යුද අපරාධ චෝදනා නඩු ගොනු කිරීම පසුබිමේ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු සිටින බව ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන ඇත.

මින් එක්‌ අයකු ශ්‍රී ලංකා අධිකරණය මගින් ත්‍රස්‌තවාදී ක්‍රියා පිළිබඳව සිර දඬුවම් නියම වූවෙකි. මෙම ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාගෙන් දෙදෙනෙක්‌ කාන්තාවෝ වෙති.

මේ අතර මෙම යුද අපරාධ චෝදනා නඩු ගොනු කිරීම සඳහා කටයුතු කළ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකාට අරමුදල් සපයා ඇත්තේ යුරෝපා සංගමය මගින් බව ද අනාවරණය වී ඇත. කොටි ඩයස්‌පෝරාව යස්‌මින් සුකා හඳුන්වන්නේ සුකා සහෝදරි නමින් බව ද හෙළි වී තිබේ. මේ අතර හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පැවසුවේ තමාට එරෙහි යුද අපරාධ චෝදනා නැති බව හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී රාධිකා කුමාරස්‌වාමි මහත්මිය පැවසූ බවයි.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

පූජිත මහත්තයෝ.. ඔය යුනිෆොම් එක දෙන්න ළමයෙකුට..! – විමල්

colombotoday

හලාවත නගර සභා අය වැය දෙවැනිවරටත් පරාදයි

colombotoday

මංගලගේ යෝජනාවට රවීගෙන් විරෝධය… කැබිනට් හමුවේ ගාලගෝට්ටියක්….

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday

ජල බිල්පත වැඩි කරන්නේ නෑ.. ජනපතිගෙන් ප්‍රකාශයක් !

colombotoday

ලංගම සේවකයින්ගේ වන්දි ගෙවීම් තාවකාලිකව නවතයි

colombotoday