Colombo Today Local News

හකීම්ගේ “ගහ” දෙදරයි.. කුරාණය පදනම් කරගෙන නව පක්ෂයක් නැගෙනහිරින් බිහිවෙයි !

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු ලේකම් එම්.ටී. හසන් අලී සහ එම පක්ෂයේ හිටපු සභාපතිවරයා මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන බසීර් සේගුදාවුද්ගේ මූලිකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු මේ දිනවන සිදුවෙමින් පවතින බවට වාර්තා වනවා.

“තුය මුස්ලිම් කොංග්‍රසය“ (නිර්මල මුස්ලිම් කොංග්‍රසය) නමින් පිහිටුවන මෙම නව දේශපාලන පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන කටයුතු නැගෙනහිර පළාත කේන්ද්‍රකරගනිමින් මේ දිනවන සිදු කෙරෙමින් පවති අතර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර, මාසයක් ඇතුලත සමුළුවක් පවත්වා පක්‍ෂයේ නව නියෝජිතයින් තෝරාපත්කරගැනීමට නියමිතය.

මේ පිළිබදව දමිළ මාධ්‍ය වෙත් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය බසීර් සේගු දාවුද් ප්‍රකාශ කර ඇත්තේ, නව පක්ෂයේ ව්‍යවස්ථාය අල් කුරානය පදනම් කරගෙන සකස් කරන බවයි. පක්ෂයට නව නායකයෙකු පත් නොකෙරෙන බවත්, නායකත්ව මණ්ඩලයක් හරහා පක්ෂයේ කටයුතු මෙහෙයවන බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

Related posts

13 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවේ

Admin

කංසා තහනම ඉක්මනින් ඉවත් කලයුතුයි! දේශීය වෛද්‍ය සංගමය දැඩිව කියයි.

colombotoday

බලපත්‍රයක් නිසා පාන් බනිස් මිල අඩු කරන්න බැ කියයි

Admin

තවත් නෞකා දෙකකින් ඉන්ධන ගොඩබෑම අද අරඹ‍‍යි

colombotoday

සංශෝධිත යෝජනාව අද මානව හිමිකම් කවුන්සිලයට

colombotoday

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

colombotoday