Colombo Today Local News

කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන්නැයි ජිනීවා කවුන්සිලය රජයට දන්වයි !

කොටි ත්‍රස්තවාදී සැකකරුවන් පොලිසියට ලබාදුන් සියලුම පාපොච්චාරණ අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

ඒ සඳහා ත්‍රස්‌තවාදය පිටුදැකීමේ නව කෙටුම්පතද සංශෝධනයට ලක්‌කරන ලෙස මානව හිමිකම් කවුන්සිලය රජයට දැනුම්දී තිබේ. එම කෙටුම්පත සංශෝධනය සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායමකට ඉදිරි සති දෙක තුළ ජිනීවා නුවරට පැමිණෙන ලෙස මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් දන්වා ඇත.

ත්‍රස්‌තවාදී සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන ලෙස මානව හිමිකම් කවුන්සිලය නිර්දේශ කර ඇත්තේ ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඇතුළු වෙනත් බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධවූවන් ලබාදුන් පාපොච්චාරණ අහෝසි කිරීමෙන් ඔවුන් නිදහස්‌ කරගැනීමට බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග කියයි.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

colombotoday

ඇයි ඔබ නිහඩ.. අපි සිංහල නිසාද? ජනපතිගෙන්, අගමැතිගෙන්, හිටපු ජනපතිගෙන් බෝගස්වැව වැසියන් වෙනුවෙන් හාමුදුරුවෝ කරන ඉල්ලීම

colombotoday

දැවැන්ත බස් වර්ජනයක්?

Admin

2020 එජාප ජනපති අපෙක්ෂකයා රනිල්…

colombotoday

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති ගෙන ඒමේ සූදානමක්

Admin

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday