Colombo Today Local News

“ජනපතිට පොලිසිය ගැන ඕන දෙයක් කියන්න පුළුවන්.. අපට ඒක ප්‍රශ්නයක් නෑ“ – පොලිස්පති

අපි කරන පරික්ෂණ සම්බන්ධව ප්‍රකාශ කල නොහැකි වුවත් කරගෙන යනු ලබන පරීක්ෂණයන් සාධාරණව කර ගෙන යන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසිය.

මෙයට ප්‍රධාන හේතුව වුයේ රාජපක්ෂවරුන්ට විරුද්ධව පොලිසිය විසින් නිසියාකාරව පරික්ෂණ නොකරන බවටත් ඒ නිසා පොලිසිය භාර නීතිය හා සාමය අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් මාස 3 කට තමන්ට ලබාදීමට කටයුතු කලොත් සියලුම දෙනාට දඬුවම් කිරීමට හැකි බව පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පැවසූ බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කල ප‍්‍රකාශයකි.

එහෙත් ජනාධිපතිවරයාගේ දෝෂාරෝපණය සම්බන්ධව පොලිස්පතිවරයා පැවසුවේ හැමෝම පොලිසිය ගැන කියන බවත්, ඒක ප්‍රශ්නයක් කියලා හිතුවොත් ඒක ප්‍රශ්නයක් බවයි. ජනාධිපතිවරයාට ඕන දෙයක් කියන්න පුලුවන් ඒක අපිට ප්‍රශ්නයක් නැති බවයි.

Related posts

ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !

colombotoday

භුමදානයෙන් කොවිඩ් පැතිරුනොත් විශේෂඥ කමිටුව දඬුවම් විඳිය යුතුයි.

colombotoday

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

තිළිණි ප්‍රියමාලී ට අයත් ගිණුම් හතරක සවිස්තර වාර්තා ඉල්ලයි

Admin

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ කොරෝනා වාට්ටුවට

colombotoday