කළවාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක්තවය දැරූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා එම නතතුරින් ඉල්ලා අස්වී තිබේ.
අද පැවැති කළවාන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් අනුව තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
” ආසනවල හොඳ සංවිධායකයන් ඉවත් කරන නිසා මටත් කළවාන සංවිධායක නතුරින් ඉවත්වෙන්න කියලා මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් සම්මත වුණා. ඒ අනුව මම ඒ යෝජනාවට හිස නමලා කළවාන සංවිධායක තනතුරින් ඉවත්වුණා” යැයි ඔහු ‘අද’ට පැවැසීය