Colombo Today Local News

ෆේස්බුක් එකෙන් ‘සංහිදියාව‘ කඩන අයට ඇමති චම්පික රතු එළි දල්වයි !

සිංහලයන් වශයෙන් සෑම අවස්ථාවකම තම නිදහස වෙනුවන් අන් අයගේ ගෞරවය රැකෙන පරිදි ක්‍රියා කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති පාථලී චම්පක රණවක මහතා පවසයි.

රට බෙදීමට, යටත් කිරීමට කවුරු හෝ පැමිණෙනවානම් ඔවුන් පරාජය කිරීමට අධීෂ්ඨානයෙන් කටයුතු කරනවා මෙන්ම සමාජ ජාලාව භාවිතා කරමින් අශීලාචාර ලෙස කටයුතු කරන පිරිස පරාජය කළ යුතු යැයිද හෙතෙම පවසයි.

එවැනි අය කැප්පෙටිපොළ පරපුරේ අය නොවන බව අමාත්‍යවරයා කියා සිටී.

මේ අතර රජයේ සංහිදියා වැඩපිළිවෙල අඩපණ කිරීමට උත්සහා කරනා ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබල දැඩි පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. තම පක්ෂය ආරම්භයේ පටන්ම අනාගමික පක්ෂයක් බවද එම නිවේදනයෙන් අවධාරණය කරයි.

ෆේස්බුක් හා සමාජ ජාලා ඔස්සේ සංහිදියාවට බාධා කරමින් අදහස් පලකර පුද්ගලයන් පිළිබදව විමර්ෂණය කිරීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1471727552865518/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ගන්න ආරක්ෂක අංශ ඥාණසාර හිමි හමුවෙන්න වැලිකඩ යයි

colombotoday

ආර්ථික අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා

colombotoday

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday

සජිත්ගෙන් දෙරණට පොල්ලක්

Admin

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

colombotoday

ගින්නෙන් දැවී ගිය ප්‍රංශයේ සංස්කෘතික හදවත…

colombotoday