Colombo Today Local News

විග්නේෂ්වරන් එලවන විශ්වාසභංගයට එරෙහිව අද උතුරේ හර්තාල් !

උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා එම  තනතුරින් ඉවත් කරන ලෙස ඉදිරිපත් කළ විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්නැයි බල කෙරෙන හර්තාල් ව්‍යාපාරයක් අද (16) උතුරේ පැවැත් වීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.

උතුරේ දේශපාලන සංවිධාන , සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන කිහිපයක් මෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් ද එම හර්තාලයට සහාය දැක්වීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසයි.

මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාස භංගය ඉවත් කර ගන්නා ලෙස බල කරමින් අද දිනයේත් දහසක් පමණ ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටියහ.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධාන යාපනය කාර්යාලයයේ දී ඊයේ (15) සවස පැවැති අතර ඒ අවට ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් යොදවා තිබිණි.

Related posts

පුපුරන ද්‍රව්‍ය කඩිනමින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

Admin

මාස 6කට ජනාධිපතිකම හර්ෂ ද සිල්වා ඉල්ලයි

colombotoday

සිවිල් ආරක්ෂක බළකායට අයත් ඇදුම් කට්ටල හතක් සමග අයෙක් අත්අඩංගුවට…

colombotoday

සංවර්ධනය මීටත් වඩා වේගවත් කළ හැකියි.. එසේ නොකරන්නේ “වෙනස” රැකගත යුතු නිසයි – අගමැති

colombotoday

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin