Colombo Today Local News

බැදුම්කර මගඩිය : පර්පෙචුවල් සමාගමට පනවා ඇති සිමා බලරහිත කරනු – පෙත්සම විභාගය හෙට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පෙචුවල් ට්‍රේෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2ක් ගොනු කර ඇති රිට් පෙත්සම් විමසීම හෙට (22) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ සහ සහ එස්.තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ අද (21) විභාගයට ගැනුණු අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීනීඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම කල් තැබිණි.

ඉකුත් 2016 වසරේ නොවැම්බර් 07 වැනිදා සහ මේ වසරේ පෙබරවාරි 03 වැනිදා නිකුත් කර ඇති ලිපි මඟින් සීමා පැනවීමට තීරණය කර ඇති බැවින් එමඟින් සිය ව්‍යාපාරික කටයුතු වලට විශාල හානිදායක බලපෑමක් එල්ල වන බව සඳහන් කරමින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබිණි.

Related posts

සජිත්ගේ මැතිවරණ කමිටුව මෙන්න. රනිල්,අකිල,කබීර්,හකීම්,රිෂාඩ්, මනෝ, රාජිත, තිගාම්බරම් සහ පාඨලී

colombotoday

පුරාවිද්‍ය උපදේශන සභාවේ 40වසරක් දැරූ තනතුරෙන් එල්ලාවල මේධානන්ද හිමියන් ඉවත් කරයි !

colombotoday

හොර පොලිස් නිලධාරීන් 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

Admin

“සම්බන්ධන්ගේ ෆෙඩරල් කතාව සංහිඳියාවට අගුණයි… අපි විරුද්ධයි” – හෙළ උරුමය

colombotoday

මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න බෑ. අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -බෙංගමුවේ නාලක හිමි.

colombotoday

මෛත්‍රීට රට කරන්න පුලුවන්ද ? බැරිද? රට අච්චාරුවක් වෙලාද? – ජනතාව කියන කතා මෙන්න

colombotoday