Colombo Today Local News

ජනපතිගේ ජයාරූප ශිල්පී සුදත් ද සිල්වා අල්ලස් අරන් මාට්ටු – ජනපති පුත් වැඩේ ගොඩින් විසදයි

sudath_de_silva

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිළ ජයාරූප ශිල්පියා ලෙස කටයුතු කරන සුදත් ද සිල්වා මහතා ජයාරූප ලබාදීමටයැයි පවසමින් අල්ලස් ලබා ගැනීමකදී අල්ලස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පසුගියදා බස්නාහිර පළාත්සභා මන්ත්‍රී ජගත් විතාන මහතාගේ මුලිකත්වයෙන් මතුගම ප්‍රදේශයේ පැවති බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිරාවරණය කිරීමේ උත්සවයක් සදහා ජනාධිපතිවරයා සහබාගි වී ඇති අතර එම අවස්ථාවේ ලබාගත් ජයාරූප ලබාදීම සදහා එක් ජයාරුපයකට රුපියල් 6000 ක මුදලක් අවශ්‍ය බව සුදත් ද සිල්වා විසින් ජගත් විතාන මන්ත්‍රීවරයාට පවසා ඇත.

මන්ත්‍රීවරයා විසින් අල්ලස් නිලධාරීන් වෙත මෙම කරුණු දන්වා ඇති අතර අදාල මුදල් ලබාදීමට යාමේදී අල්ලස් නිලධාරීන් විසින් සුදත් ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇත. පසුව ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන්, තම පියාගේ නම කැත නොකරන ලෙස සුදත් ද සිල්වා මහතාට දැඩි ලෙස අවවාද කර නීතිමය කටයුතුවලට නොයා ප්‍රශ්නය සමතකයට පත්කර ඇත.

Related posts

මුහුදු ගිය ධීවරයකු බෝට්ටුවෙන් වැටී අතුරුදන්

Admin

ශ්‍රීලනිපයත් පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින් එයි !

colombotoday

හිටපු ආණ්ඩුකාර මෛත්‍රීගේ පුත්‍රයාට පහරදුන් පෑලියගොඩ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට නියෝග

colombotoday

රන්ජන්ගේ හඩපට මාධ්‍යට නිකුත් කිරීම ගැටළු සහගතයි – වසන්ත සමරසිංහ

colombotoday

නුවරඑළියේ නිරෝධායන මද්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් ‘‘කඩතුරාව‘‘ නිර්මාණ ග්‍රන්ථය අගමැතිට

colombotoday