Colombo Today Local News

ජනතාව දුන් ආධාර, නිලධාරීන්ටත් තග දමා බලෙන් අරන් ගිහින්… තමන්ගේ වගේ බෙදපු මන්ත්‍රී මෙන්න

 

ගංවතුරින් විපතට ජනතාව වෙනුවෙන් එකතු වන ආධාර තමාට අයිති බූදලයක් මෙන් බලහත්කාරයෙන් බෙදාදෙන මන්ත්‍රීවරයෙකු පිළිබඳ ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩට මෙසේ චෝදනා එල්ලවෙයි.

ගාල්ල බද්දේගම ප්‍රාදේශීය ලේකම් කර්යාලයට ජනතාවගේ පරිත්‍යාගයෙන් එකතු වන ආධාර මන්ත්‍රීවරයා විසින් මෙසේ බෙදා දෙන බව වාර්තාවෙයි.

පසුගිය දිනෙක බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා කෑම පැකට් 2000 ආසන්න සංඛ්‍යාවක් මෙසේ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබූ අතර එම නිසා අදාළ ප්‍රදේශයේ සහන සේවා කටයතු වල නිරතව සිටි හමුදා සාමාජිකයන් පවා කුසගින්නේ පසුවූ බව වැඩිදුරටත් වාර්තාවෙයි.

ඉන් පසු දිනෙක නැවතත් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා ආධාර රැගෙන යාම සඳහා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කර්යාලයට පැමිණ ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ එතැන සිටි ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ මන්ත්‍රීවරයා එතැනින් නික්ම ගොස් තිබේ.
හඬ පට පහතින් ශ්‍රවණය කරන්න.

උපුටා ගැනීම – නෙත් වෙබ් අඩෙවිය

Related posts

මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද කටුනායකට

colombotoday

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

Admin

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday

“පැයක් දෙන්නම්, ගහල පලයල්ලා… පොලිසිය කැරලිකරුවන්ට කියලා..” – කැබිනට් ඇමතිගෙන් ප්‍රබල චෝදනාවක්

colombotoday

අල්ලසක් ගත් අවස්ථාවේ සී.සී.ටී.වී දර්ශන ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් දෙන්නෙ නැතිලු

colombotoday

“අභියෝග හමුවේ නොසැළී මම ඉතාමත් හොදින්” මැලේසියා කොටින්ගේ ප්‍රහාරයට ලක්වූ සරණංකර හිමි

colombotoday