Colombo Today Local News

ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරි

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරවලින් ඉල්ලා අස් වූ ඩලස් අලහප්පෙරුම හා බන්දුල ගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ගෙන් වූපුප්පාඩු සඳහා පත්වීම් සිදු කිරීමට ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාත් හෝමාගම නව ආසන සංවිධායක ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාත් පත් කර ඇත.

තිලකසිරි මහතා මෙම පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පැවැත් වූ මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ හිටපු නායක මහින්ද රාජපක්ෂ විසින් හෝමාගම ආසනයේ සංවිධායකයින් පත් කිරීමේදී දීර්ග කාලයක් පක්ෂය තුළ සිටි තමන්ව නොසලා හැරිය බවත් එක්සත් ජාතික පක්ෂයෙන් පැමිනි අයට සංවිධායක තනතුරු ඇතුළු විශේෂ වරප්‍රසාද හා වරදාන පිරිනැමූ බවත්ය.

Related posts

ට්‍රැක්ටර් රථයක් පෙරළී තිදෙනෙක් මරුට

colombotoday

හම්බන්තොට තෙල් පිරිපහදුව වැඩබැරි සමාගමකට… ජනපතිවරණයට දින දෙකක් තිබියදී හොර රහසේ ගිවිසුම අත්සන් කරයි !

colombotoday

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

“අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත්”

Admin

දේශපාලන වියවුල මැද ඩොලරය පිම්මේ නගී… ඉතිහාසයේ වැඩිම අගය අද වාර්තා කරයි…

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්..

colombotoday