Colombo Today Local News

සහන කටයුතුවල නිරත වී සිටි හිමිනමකට දේශපාලකයකුගෙන් මරණ තර්ජණ

මුණිහින්කන්ද නාය යාමෙන් හා කුකුලේ ගඟ ගැලීමෙන් විපතට පත් ජනතාවට සහන සලසමින් සිටි කොස්ගුලන ගංගාරාමාධිපති වලකඩ මහින්දතිස්ස හිමියන්ට ප්‍රාදේශීය දේශපාලනඥයකු මරණ තර්ජන කළ බව කියමින් ඒ හිමියෝ බදුරලිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

කොස්ගුලන සහ කොළඹැව අවතැන් ජනතාවට ආධාර කරන්නට ඉදිරිපත් නොවන්නේ ඇයි දැයි අදාළ දේශපාලනඥයාගෙන් ඒ හිමියෝ විමසා ඇති අතර ඊට කෝපවූ ඔහු මහින්දතිස්ස හිමියන්ගේ අතින් ඇද පහරදීමට ද උත්සාහ කර ඇතැයි පැමිණිල්ලේ සඳහන්වේ.

බදුරලිය පොලිසියෙන් මේ පිළිබඳ කළ විමසීමේදී පොලිසිය පැවසූයේ මහින්දතිස්ස හිමියන් පැමිණිල්ලක් කර ඇති බවත් දෙපාර්ශවය කැඳවා සිද්ධීය සමථයකට පත් නොවන්නේ නම් තර්ජනය කළ දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

Related posts

මැයි 31 තෙක් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

colombotoday

ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ

colombotoday

ත්‍රිවිල් ඉස්සූ හතරක් අත්අඩංගුවට. අවුරුදු 14ක සැකකරුවෙකුත් ඒ අතර

colombotoday

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්…

colombotoday

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin