Colombo Today Local News

මාදුරු ඔයෙන් අක්කර 54250ක් චීනයට.. මුල් පදිංචිකරුවන් පළවාහැරේ.. මාධ්‍යට වාරණයක් !

කර්මාන්ත ව්‍යාපෘති ඇතිකිරීම අරමුණු කරගනිමින් මාදුරුඔයෙන් අක්කර 54250 ක් චීනයට ලබා දීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ තොරතුරු වාර්තා සදහන් කරයි.

සෘජු ව්‍යාපෘතියක් ලෙස එයින් අක්කර 43250ක ප්‍රමාණයක් උක් කර්මාන්තය සදහා ලබා දීමට යෝජිතව ඇතැයිද පැවසේ.

තවත් පසෙකින් ගව පාලනයද සංවර්ධන ඉලක්ක අතර වෙයි. යුද්ධය පැවති සමයේ මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්වී ඇති අතර 2009න් පසු ක්‍රමානුකුලව නැවත එම ජනතාව සිය ගම් බිම් වෙත පැමිණි අතර සුපුරුදු පරිදි ගොවිතැන කටයුතු අරඹා තිබේ. එහෙත් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම මුල්කරගනිමින් 2015 වසරේ සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ නැවත පදිංචි වූ ජනතාව අත්අඩංගුවට ගන්නා බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මේ වන විට ජනතාව ඉවත් කරමින් සිටින අතර මෙම තොරතුරු මාධ්‍යයට වාර්තාවීමද වැළැක්වීමට දේශපාලන බලාධිකාරය කටයුතු කරන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා සංවර්ධන මාදුරු ඔය ව්‍යාපෘති යෝජනාව කරළියට ගෙනවිත් ඇතිඅතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ සෘජුව ඊට මැදිහත්ව සිටින බව සඳහන්.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ප්‍රදේශවාසින් මෙම ව්‍යාපෘතියට අදාළ කරුණු 172ක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ඉල්ලා තිබූ අතර කරුණු 15ක් සඳහා පිළිතුරු ලැබී ඇතත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සඳහන් කරමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කර ඇති බවයි ප්‍රදේශවාසීන් අවධාරණය කරන්නේ මීට එරෙහිව ඔවුන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොණු කර ඇති බවත් එය මෙම මස 27 වැනි දින විභාගයට ගැනීමට නියමිතව තිබේ.

සංවර්ධනයට මුවාවෙමින් ජනතාවගේ ඉඩම් හා රක්ෂිත ප්‍රදේශ විනාශ නොකරන ලෙස ජනතාව ඉල්ලා සිටියි.

Related posts

සංහිඳියාවට බාධයිලු.. යාපනය නාවක්කුලි සිංහල ගමේ නම ශාන්තිපුරම් කරන්නැයි බලපෑම්

colombotoday

ඩොලර්වලට යටවෙච්චි අයට බැරිද ඕන දෙයක් කියන්න.. ශිරන්ති නෙවෙයි ඊළගට ගන්නෙ මම – මහින්ද පුරවැසි බලයට පිළිතුරු දෙයි

colombotoday

ඇඳිරි නීති කාලයේ විදුලි බිලට සහන දෙන්න සැලසුමක්

colombotoday

මියන්මාරයට එරෙහිව ලංකාවේ තැන තැන උද්ඝෝෂණ.. අවුන්සාන් සූඛීගේ පිළිරුවකුත් ගිනිතබයි !

colombotoday

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

මහ බැංකු බැදුම්කර මගඩියේ තරම අර්ජුණ්ගේ බෑනාගේ සමාගම් ලාභයෙන් එළියට පනී

colombotoday