Colombo Today Local News

අරාබි භාෂාවත් නිල භාෂාවක් වෙයි..!! බදුල්ල කච්චේරියේ නාම පුවරුවල අරාබි වැකි..

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආයුබොවන් යනුවෙන් සදහන් පුවරුවක ශ්‍රී ලංකා රජයේ නිල භාෂා ලෙස පිළිගැනෙන සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි භාෂාවන්ට අමතරව අරාබි භාෂාවද සදහන්ව ඇති අයුරු ෆේස්බුක් හරහා සංසරණය වන ඡායාරූප කිහිපයක දක්නට ලැබේ.

ලංකාවේ නිල භාෂාවක් නොවුණු අරාබි භාෂාව රජයේ පරිපාලන කාර්යාලයක ප්‍රදර්ශනය කිරීම ගැටළුකාරී තත්ත්වයක් වන අතර, මෙරට නීති රෙගුලාසිවලට පටහැණිව අරාබි භාෂාව මෙලෙස රජයේ කාර්යාලයක ප්‍රදර්ශනය කිරීමෙන් හැගවෙන්නේ නිල භාෂාවක් ලෙස එය යහපාලන රජය පිළිගෙන ඇති බවද?

සංහිදියාව තකා ජාතික ගීයත් භාෂා දෙකකින් කියන රටක, මෙවැනි සිදුවීම් ඉදිරියටත් සිදුවීම අරුමයක් නොවේ. මෙම පුවරු ප්‍රදර්ශනය වීමෙන් කියවෙනු ලබන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි නිල භාෂා 3න් එකක්වත් නොදන්නා පිරිසක් බදුල්ලේ සිටිනවාදැයි යන්න ප්‍රශ්නාර්ථයකි.

Related posts

ගඩාෆිට කරපු දේ ජනපති මෛත්‍රීට කරනවායි කියූ රත්නප්‍රිය ත්‍රස්ත විමර්ශනයට කැදවයි…

colombotoday

හරක් හොරුන්, ජාවාරම්කාරයන්, ස්ත්‍රී දූෂකයන්, නමගිය අපරාධකාරයන්ටත් නාම යෝජනා !

colombotoday

20 සම්මත කරන්න තුනෙන් දෙක ඕන – ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

colombotoday

දැදුරුඔය පහත්බිම් ප්‍රදේශවල අයට අනතුරු ඇඟවීමක්

Admin

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බව ඔප්පු වුණොත් මට එරෙහිව පියවර ගන්න. | හිටපු ජනපති මෛත්‍රි කොමිසම හමුවේ කියයි.

colombotoday

මේ රට අදවන විට භාරකාරයෙක් නැති රටක් බවට පත් වෙලා…

colombotoday