Colombo Today Local News

ලසන්න ඝාතනය ඔස්සේ ගෝඨාභය හිරගෙට යැවීමේ කුමන්ත්‍රණය කරලියට Exclusive

මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ චෝදනා මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි මාස 3 ඇතුලත අත්අඩංගුවට ගැනීම සදහා සියලු කටයුතු සුදානම් කර ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග ඔස්සේ තහවුරු වෙනවා.

කෙසේ වෙතත් රජයේ එක් පාර්ශවයක් සදහන් කර ඇත්තේ පරීක්ෂණ කටයුතු තවත් දිග් ගස්සවා ජනපති මැතිවරණය සදහා දින යොදාගත් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බවයි.

මෙහි මුලික අධියර වශයෙන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දිවිතාරණ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මීට ඉහතදී ලන්සන්ත වික්‍රමතුංග ඝාතනය පිලිබදව වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් එවක යුද හමුදාපති වර්තමාන එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් ලසන්ත ඝාතනය සිදුකල බවට චෝදනා කර සිටියා.

මැතිවරණ පොරොන්දුවක් වූ ලසන්ත ඝාතන චෝදනා මේ වනවිට පළිගැනීම් සදහා යොදාගන ඇති බවත් ලසන්තගේ සැබෑ ඝාතකයන් මෙම පරීක්ෂණ මෙහෙයවන බවටත් හමුදා බුද්ධි අංශ තුල මේ වනවිට කතා බහක් ඇතිවී තිබෙන අතර බුද්ධි අංශ නිලධාරීන් දැඩි කලකිරීමකට පත්ව ඇති බවයි බුද්ධි අංශ වාර්තා සදහන් කර සිටින්නේ.

Related posts

සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකිකයින්ට එක්සත් එමීර් යන්න පී.සී.ආර්. නෑ..

colombotoday

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

අධිවේගී බස් රථවල ගමන් කිරීමට අද සිට පෙරගෙවුම් කාඩ් පතක්

Admin

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

Admin

අදත් පැය 02 විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin

වර්ණසිංහගේ සෞඛ්‍ය ඇමතිකම මහ ඇමති පවරා ගනී.. අද දිවුරුම් දෙයි

colombotoday