World

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

දකුණු කොරියානු ජනාධිපතිවරණය පැවැත්වුණු අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකුණු කොන්වර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ යූන් සුක් යියොල් එයින් ජයග්‍රහණය කළේය.

ජනාධිපති සටන පැවැත්වූයේ පාලක පක්ෂය ලෙස කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙහෙයවූ ලී ජේ මියුංග් සහ යූන් සුක් යියොල් අතරේය. එය තියුණු සටනක් වූ අතර දෙදෙනා අතර පරතරය පැවැතියේ සියයට 1 ක ප්‍රතිශතයක් ලෙසය.

අවසානයේ ජයග්‍රාහකයා බවට පත් වූයේ යූන් සුක් යියොල් ය. ලී ජේ මියුංග් පරාජය බාර ගත් බව ද දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කර තිබේ.

ජීවන වියදම ඉහළ යෑම, ආර්ථික අර්බුද, විරැකියාව සහ උතුරු කොරියාව සමග කටයුතු කිරීම ආදී අර්බුද රැසක් සමග නව ජනාධිපති යූන් සුක් යියොල් ට ගැටීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර පවතින්නේ යහපත් සබදතාවකි. ධවල මන්දිරය නව ජනාධිපති ලෙස තේරී පත් වුණු යූන් සුක් යියොල් ට සුබ පැතීමට ද අමතක නොකළේය.

ජෝ බයිඩන් පවසා ඇත්තේ දෙරට අතර සබදතා තව තවත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවය.

Related posts

මියන්මාර් හමුදාවට එරෙහිව UN මානව හිමිකම් නිර්දේශ, මියන්මාර් රජය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 4 ක් මරුට

Admin

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

colombotoday

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday

ඇමරිකානු ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂක සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක්

colombotoday