Colombo Today Local News

බෙංගාල බොක්ක මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද දකුණු අන්දමන් මුහුදු ආශ්‍රිත පැවති කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව දන්වා ඇත.

ඉහත මුහුදු ප්‍රදේශයේවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර පැ.කි.මී. 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බව දන්වා තිබේ.

මීට අමතරව විටින් විට හමන ඉතා තද සුළං පැ.කි.මී 60ක් දක්වා ඉහළ යා හැකි බව දැනුම් දෙයි.

ඒ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ තුළ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කර ඇත.

ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

Related posts

පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට

Admin

රාජිත-රන්ජන්-රංජිත් ඇතුළු හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට පැමිණේ

colombotoday

ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් කැකිරාවෙන් සොයා ගනී…

colombotoday

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

ජිනීවා යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීම රට පාවා දිමක් – ජනපති

colombotoday

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday