Colombo Today Local News

කරුණා මරා දැමීමේ තැතක් නූලෙන් වැළකේ.. හිටපු කොටි ප්‍රබලයා බඩුත් එක්කම මාට්ටු !

හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මඩකලපුව ප්‍රදේශයේ කෝවිලකට ගොස්‌ සිටියදී ඔහුගේ ගෙල මිරිකා මරා දැමීමට තැත් කළ හිටපු කොටි සාමාජිකයකු ඊයේ (23 වැනිදා) අලුයම ටී 56 ගිනි අවියක්‌ සහ පිස්‌තොල්යක්‌ සමඟ මඩකලපුව සන්දිවේල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සමත් වී තිබේ.

දෙමළ ජනතාවගේ පූජනීය දිනයක්‌ වූ තෛපොංගල් දිනය යෙදුණු ඉකුත් ජනවාරි මස 14 වැනිදා කරුණා අම්මාන් ආගමික වතාවත් සඳහා මඩකලපුව සන්දිවේල් ප්‍රදේශයේ කෝවිලකට ගොස්‌ සිටියදී බලහත්කාරයෙන් ඔහුගේ ඇඟේ හැපුණු මෙම කොටි සාමාජිකයා පසුව ගෙල මිරිකීමට උත්සාහ දරා තිබිණි.

අත්අඩංගුවට ගත් හිටපු කොටි ත්‍රස්‌තවාදියා කාලයක්‌ කොටි සංවිධානයේ ප්‍රබල සාමාජිකයකුව සිට පසුගිය කාලයේ යුද හමුදාවට භාර වී පුනරුත්ථාපනය ලබා සමාජගත වූ අයකු බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

අයවැය ප්‍රකාශය : පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති හෙළි කරයි

Admin

තෙල් සංස්ථාවේ යකා නැටූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

රවී අද කැබිනට් මණ්ඩලයට සමු දෙයි !!

colombotoday

“රට කිරිපිටි සමාගමක් මේරට ආක්‍රමණය කරලා, ඇමතිලාටත් වරප්‍රසාද.. දේශීය කිරි කර්මාන්තය අනතුරේ” – ජනපති

colombotoday

ශනිල් නෙත්තිකුමාරට ඇප

colombotoday

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin