Colombo Today Local News

ගොඩගත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කෙරේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් 16 හැවිරිදි දැරියගේ සිරුර අධිකරණ නියෝග මත (30) දින ගොඩගෙන සිරුර දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කෙරිණ.

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මියගේ සහ ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ සිරුර ගොඩගැනිමේ කටයුතු (30) දින උදැසන 8.30 හැටන් ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භුමියේ සිදු කරනු ලැබුහ.


සිරුර තැන්පත් කර මිනි පෙට්ටිය ගොඩ ගැනිමෙන් අනතුරුව පෙට්ටිය විවෘත කිරිමට ප්‍රථම මහෙස්ත්‍රාත්වරිය ඉෂාලිනිගේ ඥාතින්ගෙන් විමසා සිටියේ දේහය හදුනාගැනිම සදහා පෙට්ටිය විවෘත කිරිම සම්බන්ධයෙන් විරෝධතාවයක් තිබේනවාද යන්නයි.

එහිදි ඥාතින් විසින් එයට විරුද්ධ නොවු නිසා මෘත දේහය තැන්පත් කර තිබු පෙට්ටිය විවෘත කිරිමෙන් අනතුරුව මෘත දේහය ඥාතින් විසින් හදුනාගැනිමෙන් පසු ගොඩගත් දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කෙරිණ.
නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ සිරුර ගොඩගත් අතර, සිරුර ගොඩ ගන්නා අවස්තාවේ මිය ගිය ඉෂාලිනිගේ දෙමව්පියන් පැමිණ සිටිහ.

දේහය ගොඩ ගන්නා අවස්තාව දැක බලා ගැනිමට ඩයගම ප්‍රදේශයේ විශාල පිරිසක් පොදු සුසාන භුමිය අසලට පැමිණ සිටියද එම පිරිසට සිරුර ගොඩ ගන්නා අවස්තා දැක බලා ගැනිමට ආරක්ෂක හේතුන් මත පොලිසිය අවස්තාව ලබා නොදුන්හ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

ඩොලරය බසී. දෙමසකට පසු යළිත් රුපියල් 178 සීමාවට !

colombotoday

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට දුම්රිය ධාවනය නවතී

Admin

‍රනිල්ගේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ගෙනයන්න අනුර එකඟ වුනා

Admin

කෝටියකට ගජමුතු අලෙවි කරන්න ගිය තිදෙනෙක් STF දැලේ

colombotoday

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක් සැප්තැම්බර් 15 වනදා සිට

Admin

රට අගාධයට යනවා… ජනතාව ඉදිරියට යමු – ඩිල්ශාන්ගෙන් ඉල්ලීමක්

colombotoday