Covid 19

කොවිඩ් මෘත දේහ පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද (30) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව සකස්කර අවසන් බවට කමිටුව විසින් දැනුම් දී ඇති බවය.

ඒ අනුව අදාළ වාර්තාව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහය ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබීය.

මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිදුකළ අධ්‍යයනයෙන් අනතුරුව ඊට අදාළ වාර්තාව සකස්කර ඇති බව වාර්තා වේ.

ආදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා තුරු කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනය කිරීම සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

කොවිඩ් එන්නත ලබා දීමට අවදානම් කණ්ඩායම් 3ක් හඳුනා ගනී

colombotoday

කොරෝනා මාරයාට ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් බිලි

colombotoday

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

පකිස්ථානයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවා යයි.

colombotoday