පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.
විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, දැනට මෙම බලාගාරවලින් මණ්ඩලයේ හදිසි විදුලි අවශ්‍යතාව සපුරා ගන්නා බවයි.
ජල විදුලිය හිඟ කාලවලදී මෙම බලාගාරවලින් මෙගා වොට් 170 ක් දෛනිකව ලබා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ අනුව, අදාළ බලාගාර මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව ද විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.