Colombo Today Local News

ඉන්ධන ආනයනයට ඩොලර් සෙවීම කබ්රාල් බාර ගනී

මතුව තිබෙන ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව එම වගකීම බාර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද දැනුම්දී ඇත.

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඉකුත්දා පැවැති රැස්වීමේදී මහ බැංකු අධිපතිවරයා මෙම දැනුම්දීම කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කල්තියා දැනුම් දෙන්නැයි ද මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇත .

ඉන්ධන අර්බුදය හමුවේ දිනපතා විදුලිය විසන්ධි කිරීමක් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද එම තීරණය වෙනස් කරනු ලැබුවේ මහ බැංකුව දුන් එම පොරොන්දුව මත බව වාර්තා වේ.

කර්මාන්ත සහ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට මසකට ඩොලර් කෝටි 40 ක පමණ මුදලක් සංස්ථාවට අවශ්‍ය වන අතර,විදුලිබලය සඳහා අවශ්‍ය දී ඩීසල් සහ දැවිතෙල් ලබා දීමට තවත් ඩොලර් කෝටි 5 ක පමණ මුදලක් අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම රැස්වීමේ දී වාර්තාවක් මගින් දැනුම් දී තිබිණි.

ඒ අනුව ඉන්ධන ආනයනය සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් කෝටි 45ක පමණ මුදලක් අවශ්‍ය වන අතර,එය මාසික අපනයන ආදායමින් සියයට 45ක් බව ද ඇමතිවරයා පෙන්වා දී ඇත.

අපනයන ආදායමෙන් මෙතරම් ප්‍රතිශතයක් ඉන්ධන සඳහා වැය කිරීම ජාතික අපරාධයක් බැවින්, ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග වලට වහාම යොමුවිය යුතු බව ද ඇමතිවරයා යෝජනාවලියක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලය ද දැනුවත් කර ඇත.

Related posts

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් ගුරුනගර් වලදී අල්ලයි

colombotoday

පණ බේරාගෙන ජනතා සේවයේ යෙදෙන්න මන්ත්‍රීවරියන් දෙදෙනෙක් අලුත් පිස්තෝල ඉල්ලයි.

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Admin

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin

ජනපති නවත්වන්න අපට බලයක් නෑ. අපි නැවැත්තුවේ නෑ. – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

colombotoday

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday