Colombo Today Local News

අර්ජුන් මහෙන්ද්‍රන් සුද්ධයි !! වංචා හෙළි කළ නිලධාරීන් දඬුකඳට

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා සම්බන්ධ බැඳුම්කර වංචාවත් සමග මේ වනවිට ඔහුගේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු රැසක් මාධ්‍ය වෙත අනාවරණය වී තිබේ. ඒ මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාද සමගිණි.

එම අභ්‍යන්තර විගණන වාර්තා සකස් කළ මහ බැංකුවේ විගණන අංශයේ නිලධාරිණියක්ව පුද්ගලිකවම ඉලක්ක කරමින් මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීවරයෙකු විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම විගණනය කළ නිලධාරිණියටද චෝදනා එල්ල වී ඇති බවත් එම විගණන වාර්තාව වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි මහතා ප්‍රතික්ෂේප කළ බවත්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කර සිටියේ එම නිලධාරිණියට විරුද්ධව චෝදනා ඇත්නම් එය විමර්ශනය කළ යුතු නමුත් ඇය විසින් සිදු කළ විගණනයට අදාළවද චෝදනා එල්ල වී ඇති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදු කළ යුතු බවය.

මහ බැංකුවේ නිලධාරීන් හා හිටපු නිලධාරීන් අතර පවතින විවිධ ප්‍රතිවිරෝධතාවයන් මතු කරමින් එහි සිදුව ඇති කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් මංකොල්ලයන් යටගැසීමේ කූඨ උපක්‍රමයක් මේ වනවිට දියත්වෙමින් පවතින බව මේ මගින් පැහැදිළි වන බවද වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Related posts

ඊයේ පත්වුණු නියෝජ්‍ය කතානායක යලි ඉල්ලා අස්වෙයි

colombotoday

ලයිට් බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

colombotoday

යහපාලනය ඉදිරියට කරගෙන යන්න කමිටුවක් !!

colombotoday

අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය යටතේ.

colombotoday

නිරෝධායනය නොවී සිටි තිදෙනෙක්ට ගම්මුන් පහර දෙයි – අසාධ්‍ය තත්වයෙන් රෝහලට

colombotoday

බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායක

colombotoday