Colombo Today Local News

මේ වසරේ ගෙවිය යුතු විදෙස් ණය ඩොලර් කෝටි 690ක්

මේ වසරේ ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 690ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

විදේශීය මුදලින් ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය ද ඊට ඇතුළත් වන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ඉන් ඇමරිකානු ඩොලර් කෝටි 390 ක පමණ ප්‍රමාණයක් මේ වසරේ මුල් කාර්තුව තුළ ගෙවිය යුතු වන අතර,ඉන් ඩොලර් කෝටි 50 ක මුදලක් මහබැංකුව විසින් ඉකුත්දා ගෙවනු ලැබීය.

මේ අතර,තවත් ඇමරිකානු ඩොලර් කෝටි 100ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලබන ජූලි මාසයේදී කල් පිරීමට නියමිතව ඇති අතර, එම ණය ප්‍රමාණයද ගෙවීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මේ වසර තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා පොලිය වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 86 ක පමණ මුදලක් ගෙවීමට ඇති බව ද මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

Related posts

මේ රට වසරකින් ගොඩ දාන්න බැහැ

Admin

ඔමික්‍රොන් ආසාදියන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් කොරෝනා

colombotoday

මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතාට දෙහිවලදී තර්ජන

colombotoday

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල සිටියදි අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකුට කොරෝනා..

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday