දකුණු ආසියාවේ වේගයෙන්ම බිඳවැටෙන කොටස් වෙළෙඳපොළ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.
අන්තර්ජාතික වර්ගීකරණයන්ට අනුවද ශ්‍රී ලංකාව පසුවන්නේ පහළ තත්ත්වයක බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.