බස් ගාස්තු සංශෝධනය අද (29)දින ප්රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂණ් සභාව පවසයි.
මේ එහි අධ්යක්ෂ නිලාන් මිරැන්ඩෝ මහතා පැවසුවේ, ගස්තු වැඩි කිරීම සඳහා වන ගණනය කිරීම්වලදී සියලු කරණු සැලකිල්ලට ගත් බවයි.
අමතර කොටස්, ටයර්, බැටරිවල මිල වැඩිවීම අලුත්වැඩියා සඳහා වන වියදම්වල ඉහළයාම් වැනි කරුණුවලට අදාළව විවිධ පාර්ශවවලින් දත්ත රැස් කර ගණනය කිරීම් සිදු කළ බවද ඔහු පවසයි.
සෑම පාර්ශ්වයකට ම සාධාරණයක් ඉටු වන ලෙස මෙම ගාස්තු ඉහළ දැමීම සඳහා වන ගණනය කිරීම් සිදු කර ඇති බව ද අධ්යක්ෂවරයා සඳහන් කරයි.