දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය ලිහිසි තෙල් නොමැති වීමෙන් දෛනිකව දුම්රිය විස්සක් පමණ අවලංගු වන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ පවසයි.
එමෙන්ම එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය අමතර කොටස් නොමැතිවීම නිසා නියමිත කාලය තුළ අලුත්වැඩියා කරගත නොහැකිව තිබෙන බවත් මෙම තත්ත්වය මත සමස්ථ දුම්රිය එන්ජින් ඇණියෙන් සියයට පනහක්ම ධාවනයෙන් ඉවත් කළ යුතු වීමේ අවදානමක පවතින බවත් හෙතෙම සදහන් කරයි.