Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ චෝදනා මැද විදෙස් සරණාගතයන් 1250කට මෙරට රැකවරණ

විදෙස් රටවල සිට සරණාගතයින් ලෙසින් මෙරටට පැමිණි විදේශිකයන් 1250කට දේශපාලන රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇත.

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම විදේශිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබාදීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. ඔවුන්ට යුරෝපා රටවල සරණාගත භාවය ලැබෙනතුරු මෙරට තාවකාලිකව දේශපාලන රැකවරණ ලබාදී තිබේ.

පාකිස්තානය, බංග්ලාදේශය, ඉරාකය, මාලදිවයින ඇතුළු රටවල සිට ජීවිතාරක්ෂාව තකා මෙරටට පැමිණි අය හට මෙසේ තාවකාලිකව දේශපාලන රැකවරණ ලබාදී ඇත්තේ සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති නිසාය. පැමිණි පිරිසෙන් බහුතරය මුස්ලිම් ජාතිකයන්ය.

වෙනත් රටවල දේශපාලන රැකවරණ ලබන්නන්ට විවිධ සීමාවන්ට යටත්ව සිටීමට සිදුව ඇතත් මෙරටට පැමිණි පිරිස්වලට මීගමුව, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් සමග නිදහසේ ජීවත්වීමට වරප්‍රසාද ලබාදී ඇත.

මින් බහුතරය මෙරට රැකියා පවා කරන අතර ශ්‍රී ලාංකික කාන්තාවන් විවාහ කරගෙන ඇති බවද හෙළිවී තිබේ. තාවකාලික දේශපාලන රැකවරණ ලබන්නන්ගේ තොරතුරු ලබාදීමට එක්සත් ජාතීන්ගේ සරණගාතයන් පිළිබඳ කාර්යාලය මීට පෙර මැළිවුවද පාස්කු ප්‍රහාරයේ බලපෑමෙන් පසු මෙම පිරිස් ගැනද අධීක්ෂණය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

මාසිකව මෙම පිරිස් හඳුනාගෙන අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින් පොලිස් මූලස්ථානයට වාර්තා ලබාදෙන ලෙස උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකාව මෙලෙස සරණාගතයන් භාරගන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවන බවට එක්සත් ජාතීන් චෝදනා කරන තත්ත්වයක් යටතේ වීම සුවිශේෂීය.

Related posts

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.

colombotoday

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට සුභපතනවා” පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස පැවැත්වූ කතාව

colombotoday

රුහුණු කතරගම මහ දේවාලයේ පාද යාත්‍රාවේ යමින් සිටි කතක් වන අලි පහරදීමකින් මරුට

Admin

කරාටේ ශූර නයිට් ක්ලබ් හිමි කරු කපා කොටා මරා දමයි.

colombotoday

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

colombotoday