Colombo Today Local News

ගම්පහ වැලි, පස් ජාවාරම අස්සේ මිනිස් ජීවිත 40ක් බිලි අරන් !

ගම්පහ දිස්ත්‍රික්කයේ පස්, වැලි, මැටි සහ බොරලු කැපීමේ ජාවාරම හේතුවෙන් මේ වන විට පුද්ගල ඝාතන 40කට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති බව කැෆේ සංවිධානයේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. බොරලු සමන්, බොරලු අජිත්, පස් රුවන්, වැලි සමන්, ප්‍රියන්ත යන අන්වර්ථ නාමවලින් හඳුන්වන අයගේ ඝාතනවලට හේතුව පස් ජාවාරම් බවද කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.

පස් ජාවාරම සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යන මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේම දේශපාලනඥයන් සම්බන්ධ වී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන පස් ජාවාරම මීට මාස කිහිපයකට පෙර තහනම් කළ බවද ජනාධිපතිවරයා විසින් තහනම් කළද පස් ජාවාරම තවමත් ජයටම සිදුවන බවද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවැසීය.

දිවුලපිටිය සහ කටාන පස් ජාවාරම සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් සමීක්‍ෂණ කාර්යාංශය, දිස්ත්‍රික් ලේකම්, ප්‍රදේශීය ලේකම් හා මධ්‍යම පරිසර අධිකාරිය වෙත සවිස්තරාත්මක පැමිණිලි 38ක් යොමුවී ඇති බවත් ඒ පිළිබඳ නිසි පරීක්‍ෂණයක් නොපවත්වා අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් විසින් සිද්ධීන් යට ගසා ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය හා කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සියලු පරිසර නීති උල්ලංඝනය කරමින් සිදු කර ඇති පස් කැපීමේ ජාවාරම තහනම් නොකළහොත් හෙට (3දා) පස් ජාවාරමට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ ‘ග්‍රීන් හාර්ට්ස්’ නමැති වැඩසටහනේ අධ්‍යක්‍ෂ අරවින්ද රත්නායක මහතා පවසයි.

Related posts

අයවැය සැකසීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත දමන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

“මේ අවසන් අවස්ථාවයි, නිවැරදි පුද්ගලයා පත් නොකළොත් ජාතියත්, ආගමත් ඉවරයි“ – අස්ගිරි නාහිමි

colombotoday

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය ගැන කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට එයි

colombotoday

ගම් දෙකක ගුටි කෙළියක්… 23ක් රිමාන්ඩ්

Admin