Colombo Today Local News

හැටන් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොවිඩ්. නඩු කල් තබයි. – සියළුම සේවකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (28) දින තහවුරු වි ඇති නිසා (28) දින එම අධිකරණයේ කැදවිමට තිබු සියළුම නඩු වෙනත් දිනයක කැදවිමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය නියෝග කර ඇත.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඉකුත් (22) දින අවසන් වරට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රාජකාරි සදහා පැමිණ ඇති අතර , රෙජිස්ටාර්වරයාට රෝග ලක්ෂණ මතුවිම නිසා සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කර එම අධිකරණයේ සේවය කරන සියළුම නිලධාරින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට යොමු කිරිමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

එකම නිවසේ දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා

Admin

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා. | කල්‍යාණවංශ පාර්ශවය කියයි.

colombotoday

ගම්බිම් බලා ගිය අය නැවත පැමිණිමට විශේෂ දුම්රිය, බස් රථ සේවා ක්‍රියාත්මකයි

colombotoday

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday

නැගෙනහිර ජාතිවාදීන් ත්‍රීකුණාමලේ සම්බෝධි විහාරයේ වැට කඩා දමයි

colombotoday