Colombo Today Local News

‘දකුණේ සිංහල වැසියන්ට හිතවත් යාපනයේ දෙමළ ඇස් දොස්තර‘ | මෙවර වෙසක් සමයේ නොමිලේ අක්ෂි සැත්කම් 2000ක්

මෙවර වෙසක් සමය නිමිත්තෙන් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය එම්. මලරවන් මහතා විවිධ අක්ෂි රෝගවලින් පෙළෙන ඉතාම දුප්පත් රෝගීන් 2000 කට අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමේ පුණ්‍යමය කටයුත්තක් ආරම්භ කොට ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

‘‘දකුණේ සිංහල වැසියන්ට හිතවත් යාපනයේ දෙමළ ඇස් දොස්තර‘‘ වශයෙන් ප‍්‍රසිද්ධියට පත්ව සිටින මලරවන් වෛද්‍යවරයා යාපනය ශික්ෂණ රෝහල තුළ සෑම වසරකම වෙසක් උත්සවයක් සංවිධානය කිරීමට පුරෝගාමීව කටයුතු කරන වෛද්‍යවරයෙකු බවයි එම වාර්තාවල දැක්වෙයි.

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් තමන් දිවා ආහාර විවේකය හා තේ පානය සඳහා ඇති කාලයද වැයකොට විවිධ අක්ෂි ආබාධ සහිත රෝගීන් 2000 කට නොමිලයේ සැත්කම් සිදු කරගෙන යන බවත්, ඊට සහභාගි වන්නන්ගෙන් විශාල පිරිසක් දකුණු ප‍්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වලින් ජීවත් වන සිංහල ගොවි ජනතාව බවත් මලරවන් මහතා පවසා තිබේ.

Related posts

මම තවම ගැහුවෙ එක තුරුම්පුවයි.. ඉතිරි ටික 14 වෙනිදා බලාගමු…

colombotoday

20 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට රජයේ අවදානය

colombotoday

“විමල්ගේ අදහස අනගියි.. සයිටම් ගැන එලෙස බලන්න මා සූදානම්“ – රාජිත

colombotoday

අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

කච්චතිව් මංගල්‍යයට යන බැතිමතුන් සීමා කිරීමට රජයෙන් තීරණයක්

colombotoday

ව්‍යවස්ථා සංශෝධනයට උපදෙස් ගන්න හිටපු කොටි උපදේශක ශිවා පසුපතිත් කැදවයි

colombotoday