එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බලය හොබවන සියළු පළාත් සභාවන් ශ්රීලනිප මහ ඇමතිවරුන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්විණි.
වත්මන් දේශපාලන තත්ත්වය හා ආණ්ඩුවේ ක්රියාපිළිවෙත සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා වී ඇත. රෑ වැටුණු වලේ දවල් වැටීමට තමන් කිසි සේත්ම සූදානම් නැති බවත්, “රට වනසන තීන්දු වලට අත උස්සා පක්ෂයක් ගැන කතා කරන්න එපා. රට ගැන හිතන්න කියල නායකයන්ට කියන්න“ යැයි හිටපු ජනාධිපතිවරයා මහඇමතිවරුන්ට පවසා ඇතැයි පැවසේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමු වී තිබුණු බවද සදහන් වේ.
මේ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මහාචාර්ය ජී.එල් පීරිස් බන්දුල ගුණවර්ධන.ගාමිණී ලොකුගේ.මහින්ද යාපා අබේවර්ධන.ජෝන්ස්ට්රන් ප්රනාන්දු.ප්රසන්න රණතුංග මන්ත්රී වරුන්ද එක්ව සිටියහ.
ඡයාරූප Breakingnews.lk