Colombo Today Local News

පොලිස් නිලධාරින් 19 කට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02 දෙදෙනෙකු, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් නිලධාරින් 19 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අතරට සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරුන් 7 දෙනෙකු ඇතුළත් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් ක‌ළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර ඇති බවයි.

මාතර සහ හම්බන්තොට දිසා භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මාතර සහ හම්බන්තොට දිසාවල නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන නුවන් වෙදසිංහ මහතා පත්කර ඇති බවයි.

මීට අමතරව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අධීක්ෂණ රාජකාරි සඳහා මුදා හැර සිටි වි.පි.සි. ඒ සිරිවර්ධන මහතා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Related posts

පාර හරිද…? විශ්වාසභංගය ගැන බැසිල් පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් විග්‍රහයක්

colombotoday

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

Admin

සැප්තැම්බර් 22 මම ක්ෂණිකව දිවුරුම් දෙනවා

Admin

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්

colombotoday

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday