Colombo Today Local News

“අපහාසයක් වීමට තරම් ඔබට කීර්තියක් තිබෙනවාද“ – උසාවියේදී චම්පිකගෙන් අසයි

ආන්දෝලනයෙන් තුඩුපාන් තරුණයන් දෙදෙනකුට තුවාල සිදු කළ රාජගිරියේ රිය අනතුර සහ ප‍්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප‍්‍රචාර පිළිබදව ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් කොළඹ දිසා අධිකරණය හමුවේදී ඊයේ (05දා) ප‍්‍රශ්න කරනු ලැබීය.

මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශයක් සහ එය පුවත්පතක ප‍්‍රචාරය කිරීම තුළින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමැති පාඨලී චම්පික රණවක මහතා ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ (05දා) යළි කැදවනු ලැබිණි.

කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී පැමිණිලිකාර ඇමැති චම්පික රණවක අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පැමිණිලිකාර ඇමැති චම්පික රණවක මහතාගෙන් විත්තියේ නීතිඥවරු හරස් ප‍්‍රශ්න අසනු ලැබූ අතර,එලෙස අසල ලද ප‍්‍රශ්න කිහිපයක් මෙසේය.

විත්තියේ නීතිඥ – මේ සිද්ධියේදී ඔබට අපහාසයක් වුණා කියනවා. නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද?

ඇමැති – පිළිගන්නේ නැහැ.

විත්තියේ නීතිඥ – විදුලිබල මණ්ඩලය ආසාර්ථක වුණ නිසා නේද තමා 2012 වසරේදී ඇමැති ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ?

ඇමැති – එය ප‍්‍රතික්ෂේප කරනවා.

විත්තියේ නීතිඥ – රාජගිරියේ රිය අනතුර,ප‍්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප‍්‍රචාර ගැන බලපුවහම මේ නඩුවට අදාළ සිද්ධිය පොඩි දෙයක් නේද?

ඇමැති – මාධ්‍ය ඔස්සේ එක එක දේවල් කියනවා.පිළිගන්නේ නෑ.

විත්තියේ නීතිඥ – ඔබ ගැන බරපතළ චෝදනා සමාජයේ තිබෙන විට සුළු සිද්ධියකට මෙවැනි නඩුවක් පවරා ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට නේද?

ඇමැති – මේ රටේ නිදහස් මාධ්‍ය නැහැ.එවැනි මාධ්‍යවේදීනුත් නැහැ.මාධ්‍ය මාෆියාවක් තමයි තිබෙන්නේ.සමාජ ජාල වෙබ් අඩවිවලින් මඩ ගහනවා.පුවත්පත් මණ්ඩලවලට කරන පැමිණිලිවලින් ප‍්‍රයෝජනයක් නැහැ.

නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන අපේ‍්‍රල් 07 වැනි දිනට කල් තැබිණි.

– මව්බිම

Related posts

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

colombotoday

සයිනොෆාම් එන්නත 60ට වැඩි අයට සුදුසුද? පර්යේෂණ වාර්තා අධ්‍යයනයට

colombotoday

සීනි පාලන මිල අද සිට ඉවතට | සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර

colombotoday

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday

TOP 10 ලයිස්තුවේ රවී ඉදිරියෙන්… බිලියන 10ක වංචාවක් ගැන චෝදනා !

colombotoday

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin