යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උසස් පෙළ පාසල් සිසුන් සහ රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ජනවාරි මස 4 වනදා සිට එම වැඩසටහන ආරම්භ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවයි ව්‍යවස්ථා සම්පාදක කමිටු ප්‍රධානී ලාල් විජේනායක මහතා පවසන්නේ.
මීට සමගාමීව 6 වනදා සිට රාජ්‍ය සේවකයන් දැනුවක් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ වන බවත්, රට පුරා දිස්ත්‍රික් මට්ටමින් ‘මහජන සභාව‘ නමින් නව ව්‍යස්ථාව පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ඇරඹෙන බවත් ලාල් විජේනාකයක මහතා පවසයි.