Colombo Today Local News

කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට මිලියන 2,670ක පොල්ලක්

කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු වශයෙන් රුපියල් මිලියන 2,670ක් (කෝටි 267ක්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අය කර ගැනීමට නියමිතව ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළිවී ඇත.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මේ වන විට අදාළ මුදල අය කර ගැනීම සඳහා නඩු පවරා ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ගෙවීම් පැහැරහරින ලද බදු පියවීමේ (විශේෂ විධිවිධාන) පනත් 12 වන වගන්තිය ප්‍රකාරව ඉකුත් දෙසැම්බර් 31 වන දිනට ලබාදී ඇති හිඟ බදු විස්තරය අනුව, රුපියල් කෝටි 14,450කට අධික මුදලක් අය කර ගත හැකි හිඟ බදු මුදල් වශයෙන් දක්වා ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළි වී ඇති අතර එසේ අය කර ගත හැකි මුදල රුපියල් 144,537,364,916ක් බව අනාවරණය වී තිබේ.

Related posts

ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය අදයි

colombotoday

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

colombotoday

ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් දොම්පෙන් අල්ලයි

colombotoday

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday

TNA නඩය අර අදින්නේ නැවතත් මේ රට ලේ විලක් කිරීමටයි – හෙළ බොදු සවිය

colombotoday

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

colombotoday