Colombo Today Local News

‘සුපිරි ඇමති’ පනත : ‘වරදක් නැහැ, එත් කල්දැම්මා’ – එස්.බි

විශේෂ විධිවිධාන පනත ඔස්සේ සුපිරි බලතල සහිත ඇමැතිධූරයක් ඇති කිරීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට බඳුන් වුවත් එහි වරදක් නොදකින බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඇමැතිවරයා එසේ පැවසුවේ අද (21) බොරැල්ල වනාතමුල්ල සහස්‍රපුර දී ආරම්භ වූ “ සමෘද්ධි පොළ” විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

විශේෂ විධි විධාන පනත හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙක් ‍යටතට ගෙන ඒමේ සූදානමක් නැතැයි කී ඇමැතිවරයා, කෙසේ වුවත් විශේෂ විධිවිධාන පනත පිළිබඳව යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකළ බවද සඳහන් කළේය.

මාධ්‍යවේදීන් හමුවේ ඇමැතිවරයා මෙසේද පැවසිය.

“විශේෂ විධිවිධාන පනත හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙකුට දෙන්න හදනවා කියලා එහෙම යෝජනාවක් නැහැ. ඒත් සංවර්ධන ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මත, යම් යම් දෙපාර්තමේන්තු, ආයතන හරහා කෙරෙන වැඩ සුමානයක්, දෙකක් ඇතුලත ඉක්මනින් කරවගන්න පුළුවන් වෙන විදිහේ ආයතනයක් හදලා ඒක ආමාත්‍යවරයෙකු යටතට පත් කිරීමේ යෝජනාවක් ඇවිත් තිබුනා.

ඒ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරේ නැහැ. මොකද මේ ගැන පලාත් සභා සමඟ කථා කළ යුතුයි. පලාත් සභා බලතල ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට බලපානවා, ඒ වගේ සුපිරි ඇමැතිධූරයක් හදන්න ගියොත්.

ඒක අනුමත නොවුනා කියන්නේ අපි කැමැති නැහැ කියන එකනේ. ඒක අපි කල් තිබ්බා. නැවත ඒ ගැන සාකච්ඡාවට බඳුන් වුනත් එහි වරදක් නැහැ.

විදේශ ආයෝජකයන් ආවහම අවශ්‍ය අවසර පත්‍ර‍ ගන්න ඔවුන්ට අවුරුද්දක් විතර යනවා. ඒ වගේම සමහර අයට පගාවත් දෙන්න වෙනවා. එවැනි තත්වයක් තුළ ආයෝජකයො ගෙන්වා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා.

චීනයේ මේ තත්වය මග හරින්න “වන් ස්ටොප් ෂොප් ” (One Stop shop) කියලා ආයතනයක් හැදුවා. ඒ ආයතනයට ගියාම සියළුම අවසර සුමානයක් ඇතුලත දෙනවා. ඊට පස්සේ එයා ව්‍යාපාරේ පටන් ගන්නවා. ඒ නිසා ආයෝජකයන්ට වෙන එවැනි අතිප්‍ර‍මාදයන් වලක්වා ගත යුතුයි.

පරිසර වාර්තා, නාගරික සංවර්ධන අධිකාරියෙන් ගත යුතු වාර්තා වගේ නොයෙකුත් වාර්තා ගන්න ගියාම තියෙන ප්‍ර‍මාදයන් වැළැක්විය යුතුයි. ඒ පිළිබඳ යෝජනාවක් තමයි ඒ යෝජනාවෙන් ආවේ. නමුත් අපි ඒක පැත්තකට තිබ්බා.”

Related posts

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !

colombotoday

මාලිගාවත්ත සලාම් ජුම්මා පලිලියෙන් මතුවූ අවි ආයුධ මෙන්න

colombotoday

මාධ්‍ය නිදහස උපරිමයි ! මැදපෙරදිග වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කරයි

colombotoday

කිරිපිටි ආනයන සමාගම්වල තර්ජනවලට බිය වී අසීමිත බදු සහන ලබාදීම – ආචාර්ය ගුණදාස අමරසේකර ජනපතිට ලියයි

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin

භූමිදානය අවශ්‍යනම් කලයුත්තේ පාරේ උද්ඝෝෂණ රංගන දැමීම හෝ අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවෙයි.

colombotoday