Colombo Today Local News

නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි. ස්ථාන මාරුවටත් සූදානම් – නගරදිපති බේරමින් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි කියයි

කුරුණෑගල නගරාධිපතිවරයාට කේක් කැපීමට ආරාධනා කළේ තමා බව සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා පුවත්පතකට සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් ස්ථාන මාරුවක් ලැබුණද තමා දිවයිනේ ඕනෑම ස්ථානයක රාජකාරි කිරීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කළ බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

කුරුණෑගල පොලිසිය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට ආරාධිතයන් ලෙස සහභාගි වූයේ නගරාධිපතිවරයාත්, ඔහුගේ බිරිඳ සහ ඉඩම් ව්‍යාපාරිකයකු පමණක් බවත් එය ආවරණය කිරීමට මාධ්‍යයටද ඇරයුම් කළ බවත් සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා සඳහන් කර තිබේ.

නගරාධිපති තුෂාර සංජීව මහතාට මෙම උත්සවයට ආරාධනා කළේ හදිසියේම බවත් එහිදී කේක් කපන බව ඔහු දැන නොසිටි බවත් සහකාර පොලිස් අධිකාරිවරයා එහිදී ප්‍රකාශ කර ඇත

Related posts

යාපනේ එහෙම වුණාට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතිවාදය නෑ – නියෝජ්‍ය ඇමති පරණවිතාන

colombotoday

මුදල් සංශෝධන පනත් කෙටුම්පත ගැන සුනිල් හදුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday