Colombo Today Local News

මූණ වසාගෙන විභාගෙ ලියන්න ඇවිත්.. ශාලාධිපතිනිය නීතිය අකුරටම කරයි.. දෙමව්පියෝ උරණවෙති

පර්දාව පළඳා විභාග මධ්‍යස්ථානය තුළට මුස්ලිම් ශිෂ්‍යාවන් ඇතුළත් වීමට ශාලාධිපතිනිය ඉඩ ලබානොදීමේ සිද්ධියක් මුල් කරගනිමින් නාවලපිටිය ශාන්ත මේරි විභාග මධ්‍යස්ථානයේදී නොසන්සුන් වූ දෙමාපියෝ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට පැමිණිලි කිරීමට ඊයේ (07දා) පියවර ගෙන තිබේ.

මෙම විභාග මධ්‍යස්ථානයේ මුස්ලිම් ශිෂ්‍යාවන් 16 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටින අතර ඔවුන් සියලු දෙනාගේ පර්දාවන් ඉවත් කරන ලෙස දැනුම් දීම නිසා ඔවුන්ගේ විභාග මානසිකත්වය ගිලිහී ව්‍යාකූල තත්ත්වයට පත්වීමෙන් නිසිලෙස විභාගයට පෙනී සිටීයට නොහැකිවූ බව එම සිසුන්ගේ දෙමාපියෝ චෝදනා කරති.

විභාගය මධ්‍යස්ථානය අසල ඇතිවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමග ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආනන්ද ප්‍රේමසිරි මහතා එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළේය.

මෙම සිද්ධිය පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ විමසීමේදී ඔහු සඳහන් කළේ, විභාගයට පෙනී සිටින අපේක්ෂකයාගේ හැඳුනුම්පත අනුව සැබෑ පෙනුමේ වෙනසක්ද නොතිබිය යුතු බවයි. ඒ අනුව විභාග නීතිරීතිවලට අනුව ශාලාධිපතිනිය හා පරීක්ෂකවරුන් ක්‍රියාකර ඇති බවත්, සංස්කෘතිය පදනම් කරගනිමින් දෙමාපියන් අනවශ්‍ය කලබලයක් ඇති කර ඇති බව තහවුරු වී ඇති බවත් ඒ මහතා පැවසීය.

ada.lk

Related posts

විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගනී !

colombotoday

රේගුවේ ඵලදායීතාවය නැංවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

colombotoday

අරගල කලේ අයිස් ගසා මත්වුණු පිරිසක් – මිනුවන්ගොඩ රැස්වීමකදී අරගල කරුවන්ට දැඩි ප්‍රහාරයක්

Admin

රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

Admin

අගමැති හරිනිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Admin