Colombo Today Local News

බරපතල ජාතික උවදුරක් අත ළග ! මහා සංඝරත්නය දළදා මළුවේ මහ අධිෂ්ඨාන පූජාවකට සැරසෙයි

23565iouයෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රට බෙදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බැවින් එයට එරෙහිව ලබන 11 වනදා දළදා මාළිගාව ඉදිරිපිට මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේග විසින් අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, පැපිලියාන සුනේත්‍රාෙද්වී පරිවාණාධිපති රාජකීය පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සදහා ඉදිරිපත්ව ඇති යෝජනා ඉතා භයානක බවත්, බෙදුම්වාදීන්ගේ අරමුණු මේ හරහා ඉටුවන බවත් පෙන්වා දුන් උන්වහන්සේ, රටටත් ජාතියටත් එරෙහිව එල්ලවී ඇති මේ බරපතල අනතුර පිළිබදව ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීමට අවශ්‍යවන බවත් සදහන් කර සිටියහ.

නව ව්‍යවස්ථාවේ භයානක තත්වය, සම්බන්ධයෙන් තමන් පසුගියදා, මල්වතු නාහිමියන් දැනුවත් කලද, රටේ එකීය භාවයට හා බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානයට කිසිදු වෙනසක් නොකරන බවට ජනපති හා අගමැති පොරොන්දු දී ඇතැයි මල්වතු නාහිමියන් වහන්සේ පෙරළා තමන්ට දැනුම්දුන් බවත්, තමන් වහන්සේ විසින් “නිසංසල නමින් ගල්මෝලක් තිබිය හැකි වුවත් ගල්මෝල නිසංසල නැතැයි“ මල්වතු නාහිමියන්ට පෙන්වාදුන් බවද වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට , රට කරවන අයට , රට නොබෙදා ආරක්ෂා කර ගැනීමට “ප්‍රඥව ” පහළ වේවා ! කියන ප්‍රාර්ථනාව ඇතිව මේ අධිෂ්ඨාන පූජාව සිදු කරන බවයි උන්වහන්සේ කියා සිටියේ. ඒ සදහා සහභාගි වන ලෙසට තමන් වහන්සේ රටට දැයට හිතැති සියළු දෙනාගෙන් ඉල්ලීමක් කරන ලදි.

උන්වහන්සේ දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/1252633671479525/videos/1254639581278934/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී මාසික වැටුප සිරගත බුද්ධි නිලධාරීන්ගේ සුබසාධනයට

colombotoday

නෙදුන්කේනි රක්‍ෂිතයේ තිබියදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගනී

colombotoday

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

colombotoday

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

රාජපක්ෂ පවුලට රට පනින්න මාලදිවයින් හිටපු ජනාධිපති මගක් හදනවාද? නාමල් රාජපක්ෂට මාලදිවයින් මාධ්‍යවේදියෙකුගෙන් අභියෝගයක්.

colombotoday