Colombo Today Local News

“ඡන්දයක් ආවොත් ආණ්ඩුවට ඇපත් නෑ.. මල් පොහොට්ටුව උඩින්ම දිනනවා“ ආචාර්ය නිර්මාල්

nirmal ranjith

ආණ්ඩුවට ඉදිරි මැතිවරණය එතරම් හිතකර නොවන බවත් , පළාත් පාලන මැතිවරණය ඉක්මණින් නොපවත්වන්නත් හේතුව එය බව , විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි .”දේශය ” පුවත්පත සමග සංවාදයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

මේ ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩු වෙලාද ?

මේ ආණ්ඩුවට දැන් දකුණේ ජනප්‍රියතාවයක් නෑ. විශේෂයෙන්ම මහජනායට ක්ෂණිකව බලපාන දේවල් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරවලට මුහුණ දීමට තරම් ආණ්ඩුව ශක්තිමත් නෑ. ගිය අවුරුද්දේ අයවැයේත් විවිධ දේවල් වෙනස් කිරීමට සිදු වූණේ එකයි . මහ ජනායට ක්ෂණිකව බලපෑමක් නැති අධ්‍යාපනය, එට්කා ගිවිසුම වැනිදේ සම්බන්ධයෙන් ආණ්ඩුවට මීට පෙර නෙවෙයි. ආණ්ඩුවේ මරමස්ථාන පාලනය කරන්නේ අගමැතිවරයායි. වැදගත් අමාත්‍යාංශ මෙහෙය වන්නේත් ආණ්ඩුවේ මුලික ප්‍රතිපත්ති තීන්දු ගන්නෙත් අගමැතිවරයා. ඒ නිසා ඒ විරෝධය එල්ල වෙන්නේ අගමැතිවරයාගේ පැත්තට. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමේ.

ආණ්ඩුව අපකීර්තියට පත් වීමේ වාසිය තිබෙන්නේ නව පක්ෂයට. මම ඒ පක්ෂයට කැමති නෑ. නමුත් අවාසනාවකට වගේ ඒකේ වාසිය වැඩිපුරම තියෙන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට.

කොහොමත් ආණ්ඩුවට ඉදිරි මැතිවරණය ඒ තරම්ව හිතකර වෙන්නේ නෑ. පළාත් පාලන මැතිවරණය ඉක්මණින් නොපවත්වන්නත් හේතුව ඒක. එක්සත් ජාතික පක්ෂයට නම් කොහොමත් ජනවාරි 08 න් පසු ලබා ගත් බලපෑම් සහගතභාවය ඉදිරි මැතිවරණයකදී පවත්වාගෙන යන්නට හැකි වේවි යැයි මම හිතන්නේ නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ වීමක් වෙන බව නම් ඉතාම පැහැදිලියි. ඒ දෙකඩ වීමේදී වැඩි කොටස අලුත් පක්ෂයට යාවි.

නමුත් ජාතික මට්ටමේ මැතිවරණයකදී ජාතික මට්ටමින් විශාල ජයග්‍රහණයක් ලබා ගන්නා කාටවත් හැකි වේවි යැයි මම හිතන්නේ නෑ . ඒක ඉදිරියේදී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වේවි.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි මතවාදි දේශපාලනයේ ප්‍රධානතම නියමුවෙක් වේ. ආණ්ඩු පෙරළියට වසර දෙකක් ආසන්න වන මොහොතේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් ඔහු යම් කලකිරිමකට පත්ව සිටින බව ඔහුගේ අදහස් නිරීක්ෂණයේදී පෙනී යයි.

Related posts

‘දෙමළ ජනතාවගේ ආරක්ෂකයා‘ ලෙස නම් කරයි… සුමන්තිරන්ට උතුරේදී හරසර…

colombotoday

20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ. – නිමල් ලාන්සා

colombotoday

විමල් ගැන මෙතෙක් නොකී රහසක් බොදු බල සේනාවේ දිලන්ත හෙළිකරයි

colombotoday

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කළ මවක් අත්අඩංගුවට…

Admin

සෞඛ්‍ය ඇමතිනියගේ නම විකුණා මුදල් ගැරූ පැල්මඩුල්ලේ ‘සිරිමා’ රිමාන්ඞ්

colombotoday

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

colombotoday