Business

අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවයි

අපේක්ෂිත ඉලක්ක අබිබවා යමින් පසුගිය වසරේදී (2020) මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9ක් (රුපියල් කෝටි එක්ලක්ෂ අසූ අටදාස් එකසීය) ඉක්මවා සටහන් වී ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව එය පසුගිය වසර වෙනුවෙන් ඉලක්ක කර තිබූ ඩොලර් බිලියන 9.5ක (රුපියල් කෝටි 180,500) අගය පැහැදිලි ලෙස ඉක්මවා යෑමකි. ඒ අනුව 2020 දී උපයා ඇති අපනයන ආදායමේ වර්ධනය 104%කි.

කොවිඩ් – 19 වසංගතය මෙරට ව්‍යාප්තවීමට ප්‍රථම 2020 වර්ෂය ආරම්භයේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් එම වර්ෂයේදී මෙරට සමස්ත අපනයන ආදායම සඳහා ඩොලර් බිලියන 13.5ක ඉලක්කයක් ලබා දී තිබිණ. එහෙත් වසංගතය හේතුවෙන් වර්ෂය මැදදී එම ඉලක්කය සංශෝධනය කෙරුණු අතර ඒ අනුව සංශෝධිත ඉලක්කය ඩොලර් බිලියන 9.5ක් ලෙස සටහන් කෙරිණි.

මෑත කාලීනව මෙරට සාමාන්‍ය වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12-13 අතර අගයක් ගන්නා අතර මාසික අපනයන ආදායමේ සාමාන්‍යය ඩොලර් මිලියන දහසක් (බිලියන 01ක්) පමණ වේ. 2020 ජනවාරි මාසේදී අපනයන ආදායම ඩොලර් මිලියන 1004.9ක් ලෙස සටහන් වූ අතර පෙබරවාරියේදී එය මිලියන 988.4ක් විය. කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතය මෙරට ව්‍යාප්ත වීමත් සමග මාර්තු මාසයේදී එය මිලියන 656.4 දක්වා අඩු වූ අතර අප්‍රේල් මාසයේදී මෑත ඉතිහාසයේ අවම අපනයන ආදායම වාර්තා කරමින් මිලියන 282.3ක් දක්වා පහත වැටිණි.

අනතුරුව නැවත ක්‍රමිකව වර්ධනය වූ මෙරට අපනයන ආදායම 2020 ජූලි මාසයේදී ඩොලර් මිලියන 1085 ක වාර්තාගත අගයක් වාර්තා කළේය.

කෙසේ වෙතත් කොවිඩ්-19 දෙවැනි රැල්ල හේතුවෙන් නොවැම්බර් මාසයේදි නැවත මිලියන 819 දක්වා පහත බැසී අපනයන ආදායම 2020 දෙසැම්බරයේදී නැවත මිලියන 931.65ක අගයක් වාර්තා කළේය.

Related posts

ඔන්ලයින් ක්‍රමයට මැණික් ඇණවුම් කරන්න අනුමැතිය

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

colombotoday

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday

හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්

colombotoday

ඩොලරය හමුවේ රුපියල ඉහළට

colombotoday