Colombo Today Local News

VAT වැඩි කළේ ආර්ථිකය ගොඩ ගන්නයි.. ජනතාවට දුක දෙන්න නොවේ

mahinda amaraweera

රජය විසින් වැට් බදු සංශෝධනය කරනු ලැබුවේ ආර්ථිකය ගොඩගැනීමේ තාවකාලික පියවරක් ලෙස බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනතාව මත බදු බර පටවා ඔවුන් පීඩාවට පත් කිරීමේ කිසිදු අදහසක් රජයට නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට ගංගාතිලක විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

ඕනෑම රජයක් පවත්වාගෙන යාම සඳහා බදු අයකිරීම සාමාන්‍ය තත්ත්වයක් බව පවසන අමාත්‍යවරයා අතීතයේ ද එවැනි බදු අයකිරීම් සිදුකර ඇති බව කියා සිටියේය.

පසුගිය කාලයේ රජය ගත් අධික ණය හේතුවෙන් ජාතික ආදායමට වැඩි මුදලක් ණය පොලී වශයෙන් ගෙවීමට සිදුව ඇති බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජාතික රූපවාහනියේ සභාපති හදිසියේ ඉල්ලා අස්වෙයි…

colombotoday

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

රජිව් ගාන්ධි ඝාතනයෙන් නිදහස් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා යළි මෙරටට

Admin

ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි !

colombotoday

රෝහල් වැඩවර්ජනයක් එන ලකුණු?

Admin